brand logo

කරාපිටිය රෝහලෙන් සිරකරුවෙක් පැන යයි

16 January 2021

ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ 25 වැනි වාට්ටුවට ඇතුළත් කර සිටි සිරකරුවෙකු අද (16) අලුයම පලා ගොස් ඇති බව වාර්තා වේ. මෙම රැඳවියා බූස්ස බන්ධනාගාරය තුළදී ගෙල වැළලාගෙන සිය දිවි නසා ගැනීමට තැත් කිරීමෙන් පසු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. ඔහු පහරදිමක් සහ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කරසිටි වැලිගම, පොල්වත්ත පදිංචි අයෙකි. ඔහු විශේෂ අංශයේ රැඳවියන්ගේ සේවා කටයුතු සඳහා යොදවා සිටි සාමාන්‍ය අංශයේ සිරකරුවෙකුවෙක් බව වාර්තා වේ. එම රැඳවියා බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේ රෝහල් ගත කර සිටියේ ය. පළා ගිය රැඳවියා සොයා බන්ධනාගාර නිලධාරීන් සහ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
 

More News..