brand logo

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සති දෙකක් ඇතුලත පිහිටුවනවා - අගමැති

23 January 2019

නව දේශපාලන පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ඉදිරි සති දෙක ඇතුලත පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙමටගොඩ සියපත් සෙවණ නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේදී පවසයි. එක්සත් ජාතික පෙරමුණ ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දේශපාලන පක්‍ෂ හා සංවිධාන ඒකරාශී කරගෙන මෙම නව දේශපාලන බලවේගය ගොඩනගන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළ අතර රට ගොඩගැනීම මෙම පුළුල් දේශපාලන පක්‍ෂයේ ප්‍රධාන අරමුණ බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. දෙමටගොඩ සියපත් සෙවණ නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
 

More News..