brand logo

ප්‍රංශයේ Notre-Dame ප්‍රධාන දේවස්ථානයේ ගින්නක්

16 April 2019

ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි මධ්‍යකාලීන යුගයට අයත් Notre-Dame ප්‍රධාන දේවස්ථානයේ විශාල ගින්නක් හටගෙන ඇත. ගින්නෙන් , මංසලකුණක් මෙන්ම පැරීසියේ සුන්දරත්වය ලොවට පෙන්නුම් කළ Notre-Dame ප්‍රධාන දේවස්ථානයේ වහල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර මෙම ගින්නෙන් ගොඩනැගිල්ලේ , ගලින් නිර්මාණය කර තිබූ සැකිල්ල සහ කුළුණු දෙකක් ආරක්ෂා කරගැනීමට හැකිවූ බව ප්‍රංශ බලධාරීහු සඳහන් කරයි. ඊයේ පස්වරුවේ හටගත් මෙම ගින්න, වසර 850 ක් පැරණි ගොඩනැගිල්ල පුරා පැතිර ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගින්න නිවීමට යෙදවූ ගිනිනිවීමේ භටයන් 400 න් එක් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් අතර දේවස්ථානයේ අභ්‍යන්තර ව්‍යුහයන් කඩාවැටීමේ අවදානම තවමත් පහව ගොස් නැතැයි, ප්‍රංශ ගිනි නිවීම් ඒකකයේ ප්‍රධානී ජීන් ක්ලෝඩ් ගැලට් සඳහන් කළේය.
 

More News..