brand logo

ප්ලාස්ටික් ජල බෝතල් භාවිතය නතර කිරීමට ජනාධිපති ගත් තීරණය පරිසර සංවිධාන පැසසුමට ලක් කරයි

18 December 2019

ජනාධිපති කාර්යාලයේ දෛනික සාකච්ඡා සහ විවිධ හමුවීම්වලදී ඊට සහභාගිවන්නන්ගේ පරිභෝජනය සඳහා ප්ලාස්ටික් පානීය ජල බෝතල් ලබාදීම දීර්ඝ කාලීනව සිදුකර තිබේ. එහි බරපතල පාරිසරික බලපෑම ගැන ජනාධිපතිතුමාගේ අවධානය යොමු වීමෙන් අනතුරුව මින් ඉදිරියට ජල බෝතල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කිරීමට තීරණය කෙරිණි. ඒ වෙනුවට ජල වීදුරු පිළිගැන්වීමට කටයුතු සලසන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. එමගින් මෙතෙක් ජනාධිපති කාර්යාලයේ දෛනිකව පරිභෝජනයට ගත් ප්ලාස්ටික් ජල බෝතල් පරිසරයට එකතුවීම සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩු වනු ඇත. සෙසු රාජ්‍ය ආයතන ද මෙම පිළිවෙත හැකි පමණින් අනුගමනය කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. එසේ වුවහොත් පරිසරයට එකතු වන ප්ලාස්ටික් බෝතල් ප‍්‍රමාණය විශාල වශයෙන් පහළ යනු ඇත. "වනජීවී සංරක්ෂණ සංසදය", "මිහිතල මිතුරන්", "තම්බපණ්ණි සොබාදහම් කණ්ඩායම” යන සංවිධාන, පරිසර හිතකාමීන් සහ පරිසරවේදීහු ජනාධිපතිතුමා දින දෙකකට ඉහතදී ගත් මෙම ක‍්‍රියාමාර්ගයට බලවත් ප‍්‍රසාදය පළ කරති.
 

More News..