brand logo

පළිගැනිමේ අරමුණින් නඩු පවරන්නේ නැහැ -ඇමති බන්දුල

07 February 2021

  පළිගැනීමේ අරමුණෙන් වත්මන් ආණ්ඩුව කිසිවකුට නඩු පැවරීමක් සිදුනොකරන බව අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා. පාස්කු ප්‍රහාරය සහ බැඳුම්කර සිද්ධියට සම්බන්ධ වත්මන් තත්වය පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවේ අවශ්‍ය පරීක්ෂණ වාර්තා ප්‍රථමයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යැවීමෙන් අනතුරුව අදාළ නඩුපැවරීමේ කටයුතු සිදුකරනු ඇති බවයි. අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන මහතා, “ඒ කරුණු කෙරෙමින් පවතිනවා. පාස්කු ප්‍රහාරයේ වාර්තාව ලැබුණා විතරයි. ඒ පිළිබඳව කැබිනට් මණ්ලය වත් තවම කතා කරේ නෑ. පසුව නීතිපතිවරයාට යොමුකරලා ඒ සඳහා ක්‍රියාකරනවා. ජනාධිපතිවරයාවත් අගමැතිවරයාවත් අපේ ආණ්ඩුවවත් නීතියට ඇඟිලි ගහන්න කටයුතු කරන්නේ නෑ.“
 

More News..