brand logo

පළාත් 4 ක උණුසුම දැඩි වෙයි - අවධානයෙන් ඉන්නැයි උපදෙස්

03 March 2020

දැඩි උණුසුම් සහිත කාලගුණ තත්වය පිළිබද වැඩි අවධානයෙන් කටයුතු කරන්නැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිඛේ. බස්නාහිර වයඹ සබරගමුව සහ දකුණු පළාත් වල ජනතාව පවතින උණුසුම් සහිත කාලගුණ තත්වය ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. ඒ අනුව අදාල ප්‍රදේශවල ජනතාව සහ විශේෂයෙන් කුඩා දරුවන් අවුරශ්මියෙන් වැළකී සිටින ලෙස එම මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
 

More News..