brand logo

පළාත් සුව සේවා අධ්‍යක්ෂටත් හොරෙන් කරපු අපරාදේ

24 August 2021

සියලු පහසුකම් සහිත කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වහයි

බගවන්තලාව මෝරා වතු යායේ ජාතික වැවිලි කලමණාකරණ ආයතනයේ පවත්වාගෙන ගිය සියළුම පහසුකම් සහිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (24) දින සිට වසා දැමිමට නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් පියවර ගෙන ඇත. 2021 ජනවාරි මස සිට එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට කොවිඩ් අසාදිතයන් ප්‍රතිකාර සදහා ඇතුලත් කල අතර එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොවිඩ් අසාදිතයන් 140 දෙනෙකු සදහා පහසුකම් සලසා තිබුණි. දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු බගවන්තලාව මෝරා වතු යායේ පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට අනුයුක්ත කර තිබු අතර , එහි ආරක්ෂාව සදහා යුධ හමුදා භට පිරිසක්ද රාජකාරිය සදහා යොදවා තිබුණි. එම මධ්‍යස්ථානයේ සේවය කල වෛද්‍යවරුන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් දික්ඔය මුලික රෝහලට යලිත් සේවයට වාර්තා කර ඇති අතර , එහි ආරක්ෂාවට සිටි යුධ හමුදා භට පිරිස්ද මේ වන විට ඉවත් කරගෙන ඇත. අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වන රෝගින්ට ඉතා ආසන්නම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වශයෙන් බගවන්තලාව මෝරා වතු යායේ පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපනය කරනු ලැබුහ.

අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය කඩිනමින් ඉවත් කිරිම සම්බන්ධයෙන් මධ්‍යම පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නිහාල් විරසුරිය මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දැමිම සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවත්,දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම රෝහලේ පවතින කාර්ය මණ්ඩල හිගය මත මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දමන්නට ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ මහල් දෙකක් ඇදන් 150 කින් සමන්විත අංග සම්පුර්ණ කොවිඩ් 19 ප්‍රතිකාර රෝහලක් වශයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති බවත්, එම ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන් අදිරයේ පවතින බවද මධ්‍යම පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසිය. හැටන් - රංජිත් රාජපක්ෂ https://youtu.be/G8qf4SHi810
 

More News..