brand logo

පළාත් සභා හිටපු සෞඛ්‍ය ඇමතිත් නිරෝධායනයට

09 October 2020

කොරෝනා ආසාදිත මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවිකාවක් අහංගම එළුකැටිය ප්‍රදේශයේ පැවති දානමය පිංකමකට පැමිණ යාමෙන් එම දානමය පිංකමට සහභාගිවු දකුණු පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයකු වන ඒ.ජි.සි. පියසිරි මහතා ඇතුළු 311 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති බැව් හබරාදුව හා ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිහු පවසති. මේ අය අතර මෙවර අ.පො.ස උසස්පෙළ විභාගයට පෙනි සිටින දරුවන් 04 දෙනෙකු හා ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින එක් දරුවෙකුද සිටින බවද ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඒ.වි.පි. මහින්දසිරි මහතා පවසයි. එම දරුවන්ගේ පි.සි.ආර්. පරික්ෂණ හෙට (09) දින සිදුකරණ බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය. හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝදසිරිවර්ධන මහතා සදහන් කළේ ඉහත පිරිසට අමතරව හබරාදුව වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුල තවත් පුද්ගලයින් 196 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති බවය. මෙම දානමය පිංකම හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් අහංගම එළුකැටිය ප්‍රදේශයේ නිවසක පැවති අතර එම දානමය පිංකමට මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවිකාව පැමිණ දින දෙකක් එහි ගතකොට ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි. එච් එම් සමන් - අක්මීමන
 

More News..