brand logo

පළාත් සභා සංකල්පය ක්‍රියාත්මක වූවත් නැත්තේ මහජන නියෝජිතයන් බව කොමිසම කියයි

11 January 2021

මැතිවරණ කොමිසම අද දහවල් දක්වා සාකච්ඡාවක් සඳහා මෙරට පක්ෂ කැඳවා තිබුණ අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය සහභාගි වී නැත. අප මේ සම්බන්ධයෙන් එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ කාර්යාලයෙන් විමසා සිටියදී ඔහු පවසා සිටියේ එජාප මාධ්‍ය ඒකකයේ කල්ප ගුණතිලක අමතන ලෙසය. මේ ගැන කල්ප ගුණතිලක මහතා පවසා සිටියේ මේ ගැන තමන් දැනුවත්ව නොසිටි බවත්, පක්ෂයේ වෙනත් සාකච්ඡාවක් මේ අවස්ථාවේ පවතින බවය.

පක්ෂවලට මැතිවරණ කොමිසම කළ ආරාධනයට යූඇන්පිය ඇවිත් නැහැ

මෙම මැතිවරණ කොමිසම කැඳවූ රැස්වීමේදී වසරේ ඉදිරි කටයුතු, ග්‍රාමසේවක මට්ටමින් ඡන්ද ලියාපදිංචිය, පක්ෂවල ගිණුම් වාර්තා, පක්ෂවල මහ සභා වාර්තා සහ නව ඡන්ද ක්‍රමය ගැනද සාකච්ඡා වී ඇත. මෙහිදී පක්ෂවල මුදල් ගිණුම් වාර්තා පසුගිය 2020 වර්ෂය සඳහා වහා ලබා නොදුණහොත් දැඩි තීන්දුවක් මැතිවරණ දෙපාර්තමේන්තුවට ගන්නට සිදුවන බවට පක්ෂ වෙත දැනුම් දී ඇත.

විද්‍යුත් ක්‍රමයට ඡන්ද තැබීම ගැන සාකච්ඡා

මෙහිදී පක්ෂ නියෝජිතයන් පළාත් සභා ඡන්ද පැවැත්වීම ගැන ප්‍රශ්න කරන විට මැතිවරණ කාර්යාලය ප්‍රකාශ කොට ඇත්තේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසු මැතිවරණ කොමසාරිස්ට දැනුම්දීමෙන් පසු පළාත් සභා ඡන්දය පැවැත්වීමට හැකි බවය. සාකච්ඡාව නිමවීමෙන් පසු අදහස් දැක්වූ රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ ඉලෙක්ට්‍රොනික් ක්‍රමයකට මැතිවරණය පැවැත්වීමටද සාකච්ඡා වූ බවය. දේශ විමුක්ති ජනතා පක්ෂයේ ලේකම් ඩී. කලංසූරිය මහතා ප්‍රකාශ කර සිටියේ සාකච්ඡාවේදී බොහෝ පක්ෂ කියා සිටියේ පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බවය. එහෙත් කලංසූරිය මහතා ප්‍රකාශ කළේ කොමිසමේ අදහස වුණේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වුවත් නැත්තේ මහජන නියෝජිතයන් පමණක් බවය. වජිර ලියනගේ https://youtu.be/xlTss_TPeJE
 

More News..