brand logo

පළාත් සභා මැතිවරණ නොපවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් - ජනපති

04 February 2019

පළාත් සභා මැතිවරණය පැවැත්වීම වසර එක හමාරක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින අතර එය ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසිය. කොළඹ ගාලු මුවදොරදී අද (04) පැවැති ජාතික නිදහස් දින උත්සවය අමතා අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ අතර වර්තමානයේ වාර්ෂික අය වැය යෝජනාවලින් පළාත් සභාවලට වෙන්කරන මුදලින් සංවර්ධනයට, ප්‍රාග්ධනයට වෙන් වන්නේ 15% ක් පමණක් බවත් .පුනරාවර්තන වියදම්, නඩත්තු වියදම් 85% ක් වන බවත් පැවසු ජනාධිපතිවරයා මේව උඩු යටිකුරු කිරීමට වහා කටයුතු කළයුතු බවත් සඳහන් කළේය. ‘‘වසර එක හමාරකට ආසන්න කාලය තුළ පළාත් සභා මැතිවරණ නොපවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ලෙසයි මා දකින්නේ. මේවා කතා කිරීමට අද රාජ්‍ය නොවන සංවිධාන ඉදිරිපත් වන්නේ නැහැ.” යනුවෙන් පැවසිය.
 

More News..