brand logo

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න අවසන් තීන්දුව ජනපති අතට

23 August 2019

පළාත් සභාවල සීමා නිර්ණය පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව මගින් සම්මත කර නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳව ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති මත වීමසීමට අදාල විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කරයි. පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම විභාගය පැවැත්වුණු අතර බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ ,ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන විනිසුරුවරු එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වශයෙන් කටයුතු කළේය. ජනාධිපතිවරයා විසින් යොමු කර ඇති මෙම මත විමසීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත විවිධ පාර්ශව වලින් ලිඛිත දේශන 13ක් ඉදිරිපත් වී තිබෙන බව නඩු විභාගය ආරම්භයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කර සිටියේය.
 

More News..