brand logo

පළාත් සභා මැතිවරණය නොතියනවානම් මැතිවරණ කොමසාරිස් ඉවත් විය යුතුයි - එස්.එම්.රංජිත්

29 January 2019

පළාත් සභා මැතිවරණය නොතියන බවක් පෙනී යන්නේනම් මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් .එම්. රංජිත් මහතා පවසයි. අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව පැවසු අතර වත්මන් ආණ්ඩුව කිසිසේත්ම මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවත් නොපෙනෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. එබැවින්, පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්විම සම්බන්ධයෙන් තම පාර්ශවයෙන් සිදු කළ යුතු කටයුතු මේ වන විට සිදු කරන බවද මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේය.
 

More News..