brand logo

පළාත් සභා මැතිවරණය ගැන මතය තීරණය කරන්න ශේෂ්ඨාධිකරණය හෙට රැස්වේ

22 August 2019

පළාත් සභා මැතිවරණය තවත් කල් නොයවා ඉක්මනින් පැවැත්වීමේ හැකියාව ගැන ශේෂ්ඨාධිකරණයේ මතය විමසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම සඳහා තීන්දුවක් ගැනීමට අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඇතුළු පස්දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් හෙට (23) පෙරවරුවේ රැස්වීමට නියමිතය. බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් මේ අවස්ථාවට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැනුවත් සාමාජිකයින්ට අගවිනිසුරුවරයා මගින් ඉකුත් සතියේ ඇරයුම් කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් අට දෙනෙකු ලිකිතව කරුණු ඉදිරිපත් කර ඇත. ජනාධිපතිවරයා විසින් යොමු කර ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් නීතිපතිවරයා දරණ ස්ථාවරය අද (22) ලිකිතව ඉදිරිපත් කර තිබිණි. ඉදිරිපත්කරන සියලුම කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල ගන්නා තීරණය ලබන 30වනදාට ජනාධිපතිවරයාට සහා කථානායකවරයා දන්වා යවනු ඇත. සරත් ධර්මසේන
 

More News..