brand logo

පළාත් සභා ඡන්දය ලබන වසර මැද

21 November 2020

ලබන වසරේ (2021) සිංහල අලුත් අවුරුද්දෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ. මීට පෙර එම මැතිවරණය පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට සැලැසුම් කර තිබීමද, කොරෝනා වසන්ගතය යම් දුරකට පාලනය කර එම මැතිවරණය පැවැත්වීම කෙරහි අවධානය යොමු කර ඇත. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ පැවැත්වීමට තිබූ පළාත් සභා මැතිවරණය සීමා නිර්ණයේ ඇති වූ ගැටලු හේතුවෙන් කල් ගියේය. ඇතැම් පළාත් සභාවල කාලය ඉක්මවා ගොස් දැනට වසර දෙක-හතර පසුවී ඇත. කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය පවත්වන්නේ පැරැණි කමයටද, කොට්ඨාස ක්‍රමයටද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹ නොමැත. පැරැණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පසුව එය නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් මැතිවරණය පැවැත්වීමේ හැකියාව පවතින බව වාර්තාවේ. එහි දී නව පළාත් සභා මැතිවරණය ක්‍රමය ආරම්භ වන වර්ෂය දීර්ඝ කිරීමෙන් පැරැණි ක්‍රමය ක්‍රියාත්මක කළ හැකි බව නීති උපදේශකයන් ආණ්ඩුවට පෙන්වා දී ඇත. චමින්ද සේනාරත්න
 

More News..