brand logo

පළාත් සභා ඡන්දය පැවැත්විය හැකිද විමසා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කෙරේ

15 August 2019

පළාත් සභා ඡන්දය පැවැත්විය හැකිද යන්න පිළිබඳව විමසා බැලීම සඳහා අගවිනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර ඇත. සීමා නිර්ණ වාර්තාව මෙතෙක් ඉදිරිපත් වී නොමැති නිසා පළාත් සභා ඡන්දය පැවැත්විය හැකි ද? යන්න පිළිබඳව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටි අතර ලබන 23 වන දා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එය සලකා බැලීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් ලිඛිත දේශන ඇත්නම් ලබන 21 වන දාට පෙර ඒවා ඉදිරිපත් කරන ලෙස ද අගවිනිසුරුවරයා නීතිඥ සංගමයේ සභාපතිවරයාට දැනුම් දී ඇත.
 

More News..