brand logo

පළාත් සංචරණ සීමා මඟහැර ගියොත් වැඩ වරදී

11 May 2021

පළාත් අතර සංචරණය සීමා කර ඇති විට අතුරුමාර්ග භාවිත කරමින් වෙනත් පළාත්වලට යන පුද්ගලයින්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එවැනි පුද්ගලයින් නීතිවිරෝධි කටයුත්තක් සිදුකරන අය සේ සලකා නිරෝධායන නීතිය යටතේ ද නීතිය ක්‍රියාත්මක කරන බව අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අද මධ්‍යම රාත්‍රී 12 සිට පළාත් අතර සංචරණ සීමා පනවනු ලබන බවත් අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වළකින ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින අතර සෑම පළාත් මායිමක් අසලම පොලිස් නිලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදාව ද යොදවා ඇති බව සඳහන් කරයි. ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය සේවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බවත් සඳහන් කළේය.
 

More News..