brand logo

පළාත් පාලන ආයතන වලින් නාගරික අධිකාරියට කෝටි 77ක් පොලුතියයි

05 October 2020

නාගරික සංවර්ධන අධිකාරිය මගින් පළාත් පාලන ආයතනවලට ලබා දුන් ණය මුදලකින් අය විය යුතු රුපියල් කෝටි 77ක මුදලක් මෙතෙක් ලැබී නොමැති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අනාවරණය කරයි. ආසියානු සංවර්ධන බැංකුව ණය මුදලක් ලෙස ජල සම්පාදනය, බස් නැවතුම්පොළ හා සාප්පු සංකීර්ණ ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 27ක මුදලක් නාගරික සංවර්ධන අධිකාරියට 1993 වසරේ ලබා දී තිබේ. එම කෝටි 27ක මුදල් 1995 වර්ෂයේ නාගරික සංවර්ධන අධිකාරිය සීයයට 12ක පොලියට පළාත් පාලන ආයතනවලට සංවර්ධන කටයුතු සඳහා ලබා දී ඇත. ඇතැම් පළාත් පාලන ආයතන විවිධ හේතු දක්වමින් එම ණය මුදල ගෙවීම පැහැර හැර ඇති බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ අනුව 1995 සිට 2016 දක්වා වූ වසර 21 ක කාල සීමාවේ ගෙවීමට ඇති මුදල රුපියල් කෝටි 77ක් බව ඇස්තමේන්තු කර ඇත. ඊට ගෙවීමට ඇති ණය පොලියද ඇතුළත් වෙයි. මෙම මුදල කපා හැරීමට මහා භාණ්ඩාගාරය එකඟ වී ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරයි. උදයජීව ඒකනායක
 

More News..