brand logo

පළාත් තුනක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

14 June 2021

ඌව, මධ්‍යම සහ දකුණු යන පළාත්වල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. දකුණ සහ මධ්‍යම පළාත්වල ලේකම්කරු සදහන් කළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සහ ප්‍රා‌දේශීය ලේකම් කාර්යාල මගින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මේ මස 30වැනි දක්වා අත්හිටුවා ඇති බවයි. ඒ අනුව පසුගිය මැයි මස 17 වැනිදා සිට මේ මස 30 වැනිදා දක්වා කාලය තුළ කල්ඉකුත් වන ආදායම් බලපත්‍ර නැවත නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකරනු ඇති. ඌව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන ජූලි මස 16 වැනිදා දක්වා අත්හිටුවා ඇත. එම කාලය තුළ කිසිදු දඩ මුදලක් අය නොකිරීමට තීරණය කර තිබේ.
 

More News..