brand logo

පළාත් කිහිපයකට අද මි.මී.100ක තද වැසි

09 July 2020

සබරගමුව, මධ්‍යම, සබරගමුව, උතුරු මැද, ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (09) දිනයේ දී මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල අකුණු අනතුරු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බවත් අනෙකුත් පළාත් සඳහා තරමක අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
 

More News..