brand logo

පළාත් කිහිපයකට අද පස්වරුවේ මි.මී. 50ට වැඩි තද වැසි

30 July 2020

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තම්න්තුව සදහන් කළේ බස්නාහිර සහ වයඹ පළාත්වලත් වලවැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. එමෙන්ම දකුණු පළාතේ, පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් විටහමන පැ. කි. මි.60 දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. මේ අතර බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින අතර, වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලැබේ.
 

More News..