brand logo

පළාත් කිහිපයකට අදත් වැසි

23 May 2020

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වාවන මුහුදු ප්‍රදේශවල තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිතදෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා මුලතිවු දක්වා සහ ගාල්ල සිට මාතරසහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කී.මී. (50-60) දක්වා වැඩි වියහැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..