පළාත් කිහිපයකට අදත් තද වැසි
05 September 2019
පළාත් කිහිපයකට අදත් තද වැසි
05 September 2019
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් හා දකුණු පළාතේ සිහින් වැසි තත්ත්වයක් ඇති වන අබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 27 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින (06) දහවල් 12.10ට අම්බලන්ගොඩ, තල්ගස්වල, වීරපාන, මොරවක, වීරවිල සහ යෝධකණ්ඩිය යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.