brand logo

පළාත් අතර සංචාරණ සීමා පැනවීම ඉදිරි දින කිහිපය තුළ

10 May 2021

රට වසා දැමීට කිසිදු තීරණයක් ගෙන නැතැයි කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුධ හමුදාපතිවරයා සදහන් කළේ පළාත් අතර සංචාරණ සීමා පැනවීමට ඉදිරි දින කිහිපය තුළ පියවර ගැනීමට සිදුවනු ඇති බවයි. පළාත් අතර සංචරණ සීමා පැනවීමට පියවර ගත්තද, ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට බාධාවක් නොමැති බව හමුදාපතිවරයා සදහන් කරයි. එමෙන්ම හෙට සිට ත්‍රිවිධ හමුදාව යොදවා කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනම් කිරීමටද තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
 

More News..