brand logo

පළාත්සභා මැතිවරණය ඉල්ලා පොහොට්ටුව අධිකරණයට යන්න සූදානම්

15 January 2019

පළාත්සභා මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අධිකරණයට යාමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍යහමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ මැතිවරණය ප්‍රමාද වීමෙන් ජනතාවගේ සර්වජන ඡන්ද බලය අහිමි වී ඇති බවයි. පළාත් සභා මැතිවරණය මෙපමණ කාලයක් ප්‍රමාද කිරිම හේතුවෙන් මානව අයිතිවාසිකමක් උල්ලංඝනය වී ඇතැයි ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා. "පළාත් සභා මැතිවරණය මෙච්චර කාලයක් කල්දැමීම නිසා අපේ මිනිස් අයිතිවාසිකමක් නැති වෙලා තියෙනවා. මූලික අයිතිවාසිකමක් නැතිවෙලා තියෙනවා. සර්වජන ඡන්ද අයිතිය නැතිවෙලා තියෙනවා. ඉතිං මේ සර්වජන ඡන්ද අයිතිය ලබා දෙන්න. අනිත් පැත්තෙන් පළාත්වල සංවර්ධනය ක්‍රියාත්මක කරන්න මේක කරලා දෙන්න. පරිපාලනය ක්‍රියාත්මක කරන්න මේක කරලා දෙන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ. ගිය පළාත් පාලන මැතිවරණයේදී 80%ක ප්‍රමාණයක් පොහොට්ටුව පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කළාට පස්සේ, මේ නිසා ආණ්ඩුව බය වුණා ඡන්ද වලට. ඒ බය නිසා තමයි මේක කල්දාගන්න දගලන්නේ. හැබැයි දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට තීන්දුවක් අරගෙන තියෙනවා, උතුරුමැද පළාතේ හිටපු මහ ඇමතිවරයාත්, ඒ වගේම සබරගමුව පළාතේ හිටපු මහ ඇමතිවරයා සහ ඌව පළාතේ හිටපු මහ ඇමතිවරයා මේ තුන්දෙනා ශ්‍රේෂ්ඨාධිකරණය, අධිකරණයට ගිහිල්ලා මේ පළාත්වල නැවත පළාත් සභා ඡන්දයක් තියන්න කියලා ඉල්ලීමක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා."
 

More News..