brand logo

පළවැනි රඟපෑමෙන් හොඳම නිළිය වූ - කළණි දොඩංතැන්න

07 December 2019

මේ දිනවල වැඩිම ආකර්ෂණයක් දිනාගෙන ඇති වෙළෙඳ දැන්වීම හා ඇය ගැන දැන්නම් කතා නොකරම බැහැ. මන්ද  කවුරු වුණත් මනුස්සයෙක් හැඟුම්බර හඬින් ඇය පවසන විට  ඔබත් මා මෙන්ම එතැන මොහොතක් නතර වී ඇය කවුදැයි විමසන්නටත් නිසා ඒ විමසුම දවසින් දවස වැඩි වෙද්දී  අද අපි ඇය හමුවනවා. ඇය කළණි දොඩංතැන්න. 2019 වසරේ සිග්නිස් සම්මාන උළෙලේ හොඳම ටෙලිනාට්‍ය නිළිය ලෙස ද සුමති ටෙළි සම්මාන උළෙලේ නැගී එන නිළිය ලෙසද සම්මානයට පාත්‍රවන්නියද ඇයයි. මේ දිනවල වඩාත් ජනප්‍රිය වි ඇති ඔබ නිරූපණ දායකත්වය සපයන දැන්වීම ගැන මොකද හිතෙන්නේ     මේ වන විට මම වෙළෙඳ දැන්වීම් තිස්පහක පමණ නිරූපණයෙන් දායක වෙලා තියෙනව. ඒ හැම වෙළෙඳ දැන්වීමක්ම මම ඉතා වුවමනාවෙත් තෝරාබේරාගත් දැන්වීම්. මේ දැන්වීමත් ඒ වගෙමයි.  සාමාන්‍යයෙන් මම වෙළෙඳ දැන්වීමක් භාරගනිද්දී ඒකෙ කතාව මොකක්ද කියල විමසීමක් කරනව. මේකෙ පිටපත දැක්කම මට ආස හිතුණා. අනිත් කාරණය වෙළෙඳ දැන්වීමේ නිරූපණයේ යෙදෙන ශිල්පීන්ගෙම හඬ දැන්වීමට යොදාගන්නෙ ඉතා අඩුවෙන් නමුත් මේ දැන්වීමේ මගේ රුව වගේම හඬත් භාවිත කළා. මගේ හඬින්ම ඒ වචන ටික ඇහෙද්දි මට ලොකු හැඟීමක් දැනෙනව. මහ වැස්සෙ රාත්‍රියක රූගත කිරීමක යෙදුන මේ වෙනුවෙන් කළ කැපවීම හා දැරූ වෙහෙස කොතරම්ද? ඉංගිරිය ප්‍රදේශයේ ඉතාමත් රමණීය පරිසරයක් තමයි මේ දැන්වීම රූගත කරන්න තෝරාගෙන තිබුණෙ. අපි රාත්‍රීන් දෙකක්ම මේ වෙළෙඳ දැන්වීම රුපගත කළා. ඒ අවස්ථාවේ දකින්න ලැබෙන වැස්ස අපි කෘත්‍රිමව නිර්මාණය කරගත්ත වැස්සක්. අපි කෘත්‍රිම වැස්ස හදාගත්තට පස්සෙ ඇත්තටම වහින්න පටන් ගත්තා. මේ වැහි දෙක මැදින්ම තමයි රූගත කිරීම් කළේ.  කළණි පටන් ගන්නෙ ටෙලි නාට්‍ය රංගනයෙන්ද වෙළෙඳ දැන්වීම් නිරූපණයෙන්ද? මම වෙළෙඳ දැන්වීම්වලට පෙනී ඉඳල තියෙනව. ටෙලි නාට්‍යයක රඟපාන්නෙ විවාහයෙන් පස්සෙ. රංගනයට මට ගොඩක් ආරාධනා ලැබිලා තිබුණා. නමුත් රංගනය ගැන ලොකු අදහසක් තිබුණෙ නැහැ. හැබැයි නාමල් ජයසිංහ සර්ගෙ සහෝදරයා පිටපත කියෙව්වට පස්සෙ මට ඒකට ලොකු කැමැත්තක් ඇතිවුණා. කළණිව රංගනයට යොමු කළ කාරණා මොනවද? මම සහෝදරයා ටෙලි නාට්‍යයේ රඟපාන්න පටන් ගන්නකොට නාමල් ජයසිංහ සර්ගෙ රංගන වැඩමුළු බොහෝමයකට ගිහින් තිබුණා. ඒ වගේම මම විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගන්න කාලෙ නාමල් ජයසිංහ සර්ගෙන් රංගනය ගැන ඉගෙන ගෙන තිබුණා. මොකද යමක් කරනව නම් ඒ ගැන ඉගෙන ගන්න ඕන කියන දේ මම විශ්වාස කරනව. ඉතින් ඒ විදිහට රංගන වැඩමුළුවලින් දැනුම ලබාගෙන හිටියෙ. සහෝදරයා පිටපත කියවල පිටපතට කියවීමෙන් ඇතිවුණ ආසාව මතයි මම රංගනයට යොමුවුණේ. කළණි පාසල් වියේ පටන්ම හදාරන්නෙ හා බලාපාරොත්තු තබාගෙන සිටි විෂය කුමක්ද? පොඩිකාලෙ ඉඳන්ම මම චිත්‍රවලට ගොඩක් ආස කරපු කෙනෙක්. මම විශ්වාස කරනව චිත්‍ර කලාව අපේ හිත් සුවපත් කරන මාධ්‍යයක් කියල. චිත්‍ර කලාව විතරක් නෙවෙයි හැම කලාවක්ම මිනිසුන්ව සුවපත් කරනව. ඔබ වැඩිදුර අධ්‍යාපනය ලබන්න තෝරගත්තෙත් චිත්‍ර කලාවද? මම අධ්‍යාපනය ලබන්නෙ කොටහේන යහපත් එඬේරාගෙ කන්‍යාරාමයෙ. පාසල් වියේ ඉඳන්ම මම චිත්‍ර කලාව ඉගෙන ගන්න පටන් ගත්තා. උසස් පෙළටත් චිත්‍ර කලාව විෂයක් විදිහට හැදෑරුවා. විශ්වවිද්‍යාලයෙත් මම ඉගෙන ගත්තෙ චිත්‍ර කලාව තමයි. ඒ අතරම මට ආස හිතෙනව මනෝ විද්‍යාව හදාරන්න චිත්‍ර කලාවෙන් මම විඳින සුවය තවත් කෙනකුට දෙන්නනෙ කොහෙමද කියලා ඉගෙන ගන්න මාගත් උත්සාහයේ ප්‍රතිඵලයක විදිහට චිත්‍ර කලාව තුළින් මානසික චිකිත්සාව කරන්නෙ කොහොමද කියල. මට ඉගෙන ගන්න ලැබෙනව ඔය විදිහට තමයි මම චිත්‍රකලාවයි මනෝ විද්‍යාවයි කියන අංශ දෙකට සම්බන්ධ වෙන්නෙ. චිත්‍ර ශිල්පිනියක මානසික චිකිත්සකවරියක රංගන ශිල්පිනියක හා වෙළෙඳ දැන්වීම් නිරූපණ ශිල්පිනියක වන ඔබ ඔබව හඳුන්වා දෙන්නෙ කොහොමද? මානසික ගැටලු තියෙන දරුවන්ට චිත්‍ර කලාව තුළින් ප්‍රතිකාර කරන චිකිත්සකවරියක් විදිහටත්  මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ උපදේශනය කිරීමත් මගේ වෘත්තියයි. නමුත් ඔය වෘත්තියයි හැරුණ කොට චිත්‍ර ඇඳීම රංගනය වෙළෙඳ දැන්වීම් නිරුපණය ආදී මම තෝරාගෙන තියෙන අනෙකුත් ක්ෂේත්‍රත් හරිම නිදහස් වෘත්තීන්. ඒ වගේම මම මවක් හා බිරියක් මේ විවිධ භූමිකා හරහා මට සමීප වෙන අය මාව දකින විදිහට  මාව හඳුන්වනවට මම කැමතියි. කළණිට තුමිඳුගේ ආදරය හිමිවෙන්නෙ? මම තුමිඳුව හඳුනාගන්නෙ ඔහු රඟපාන ඇන්ටිගනි වේදිකා නාට්‍යය නරඹන්න ගිහින්. එදා එයා ඇත්තටම හරි ලස්සනට රඟපෑවා. මම ගිහින් එයාට සුබ පැතුවා. ඒ දැන හඳුනාගැනීම තමයි අපි විවාහය දක්වා රැගෙන ආවෙ. දැන් අපි විවාහ වෙලත් අවුරුදු හයක් වෙනව. තුමිඳුගෙන් මගේ ජීවිතයට ලැබෙන දේවල් මට වචනයට පෙරළන්න බැරි තරම් එයා තමයි මට හැමදේම. තමන්ගේ පළවෙනි ටෙලි නාට්‍යයෙන්ම හොඳම නිළියගේ සම්මානය හිමිවීමේ අත්දැකීම? රංගනය පිළිබඳව මට ලොකු ඉලක්කයක් තිබුණෙ නැහැ. උත්තරා දේවි කියන චරිතය මම ගොඩක් ආදරයෙන් කළ චරිතයක්.  මං හිතනව කලාකාරයෙක්ව අගයන එක එයා තව තවත් දිරිමත් කරවන දෙයක්. මගේ පළවෙනි රංගනයෙන්ම මට සම්මානයක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වුණේ නැහැ. ඒ වෙලාවෙ මගේ නම කිව්වම මට ලොකු සතුටක් හා පුදුමයක් ඇතිවුණා. මම හොඳම නිළිය ලෙස සම්මාන ලැබූ සිග්නිස් සම්මාන උළෙලෙදීම තුමිඳු හොඳම නළුවා ලෙස සම්මාන ලැබීම මට ලොකු දෙයක්. තුමිඳු කියන්නෙ මට අනුව ඉතා ප්‍රවීණයෙක්. එයත් එක්ක සම්මානයක් ගන්න ලැබීම මට මට ගෞරවයක් වුණා. මේ ගැන මම තුමිඳුටත් කිව්වා. ඒ වගේම මගේ පළවෙනි නිර්මාණයටම මෙහෙම සම්මානයක් ලැබුණම මට ඒක ලොකු බරක් විදිහට දැනුණා. සුරංජි පතිරණ ඡායාරූප - සමන් අබේසිරිවර්ධන
 

More News..