brand logo

පළමු T20 තරගයේ ජය නවසීලන්තයට

02 September 2019

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්ස තරගය කඩුළු 5කින් ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් මුලින්ම පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා පිල නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු 4ක් දැවී ලකුණු 174ක් රුස්කර ගැනීමට සමත් විය. ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 79ක් ලබාගත් අතර ඊට දැවැන්ත හයේ පහර දෙකක් සහ හතරේ පහර 8ක් ද ඇතුළත්වේ. අනතුරුව පන්නුවට පහරදීම සදහා පිටියට පැමිණි නවසීලන්ත පිල පන්දුවාර 19යි පන්දු 3කදී කඩුළු 5ක් දැවී ලකුණු 175ක් රුස්කර ගෙන තරගයේ ජය ලබාගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වනිදු හසරංග සහ ලසිත් මාලිංග කඩුළු 2ක බැගින් දවාගත් අතර අකිල ධනංජය එක් කඩුල්ලක් දවා ගත්තේය.
 

More News..