brand logo

පළමු T20 තරගයේ ජය එංගලන්තයට

24 June 2021

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය ලකුණු 8කින් ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක කුසල් පෙරේරා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන්ට නියමිත පන්දුවාර විස්ස තුළදී කඩුළු 7ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 129ක් පමණියි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ දසුන් ශානක පන්දු 44කදී ලකුණු 50ක් රැස්කර ගැනීමට සමත් විය. ඊට දැවැන්ත හයේ පහර දෙකක් සහ හතරේ පහර 3ක් ද ඇතුළත් වේ. දසුන් ශානකට අමතරව නායක කුසල් පෙරේරා ලකුණු 30ක් රැස්කර ගත්තේය. අනතුරුව පිටියට පැමිණි එංගලන්ත පිතිකරුවන් පන්දුවාර 17යි පන්දුවකදී කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 130ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය. එංගලන්තය වෙනුවෙන් ජොස් බට්ලර් නොදැවී ලකුණු 68ක් රැස්කර ගත්තේය. ඊට හයේ පහරක් සහ හතරේ පහර 8ක් ඇතුළත් වේ. ජේසන් රෝයි ලකුණු 36ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉසුරු උදාන සහ දුෂ්මන්ත චමීර එක් කඩුල්ල බැගින් දවාගත්හ.
 

More News..