brand logo

පළමු T20යේ ජය දකුණු අප්‍රිකාවට

20 March 2019

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු පන්දුවාර විස්ස තරගයේ ජය දකුණු අප්‍රිකාව විසින් හිමිකර ගෙන තිබේ. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු 7ක් දැවී ලකුණු 134ක් ලබාගත්තේය. ඉන් අනතුරුව පිටියට පැමිණී දකුණු අප්‍රිකානු පිලට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 134ක් පමණියි. ඒ අනුව සුපිරි පන්දුවාරයක තරගයක් දැමීමට විනිසුරුවරුන් තීරණය කළේය. සුපිරි පන්දුවාරයේදී මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානුවන් ලකුණු 14ක් රැස්කර ගත්තේය. ශ්‍රී ලංකා පිලට සුපිරි පන්දුවාරයේදී රැස්කර ගත හැකිවූයේ ලකණු 5ක් පමණීයි. මෙම තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මෙලෙස අදහස් පළ කළේය. https://youtu.be/1oDV4uUtARY
 

More News..