brand logo

පළමු ‌‌ හෙද සමීක්ෂණ වැඩමුළුව සාර්ථකව අවසන් වේ

12 February 2020

මෙරට හෙද වෘත්තිකයන් බ්‍රිතාන්‍ය රජයේ හෙද සේවයට යොමු කිරීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් ඇති කිරීමට බලපොරොත්තු වන බවත්, හෙද පර්යේෂණ මෙරට මෙන්ම ලෝකයේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් යෙදවිය යුතු බවත් විශේෂඥ වෛද්‍ය් සුනිල් ද අල්විස් මහතා පවසයි හෙද නිලධාරීන් හෙද පර්යේෂණ සදහා තව තවත් යොමු කීරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ප්‍රථමවරට පැවැත්වූ හෙද සමීක්ෂණ වැඩමුළුව (Nursing Research Symposium) ඊයේ (11) දින බත්තරමුල්ල වෝටර්ස් ඒ්ඡ් හිදී අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබුනි. මුළු දිවයිනම ආවරණය වන පරිදි රජයේ රෝහල්වල හෙද නිලධාරීන් 36,000 ක් පමණ සේවය කරන අතර, මීට ප්‍රථම හෙද නිලධාරින් සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ වෙන් වූ හෙද සමීක්ෂණ වැඩමුළුවක් නොවුන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ පැවැත් වූ ප්‍රථම හෙද සමික්ෂණ වැඩමුළුව ද මෙය වේ. මුළු දිවයිනම ආවරණය වන පරිදි හෙද නිලධාරින් 550 කගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම වැඩමුළුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතාගේ උපදෙස් මත හෙද අධ්‍යක්ෂිකා (වෛද්‍ය සේවා) එම්.බී.සී සමන්මලී මහත්මියගේ සංවිධාන දායකත්වය යටතේ පැවැත්වීමට කටයුතු යොදා තිබුනි. මේ සදහා පූර්ණ තාක්ෂණික දායකත්වය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන (පුහුණු), පර්යේෂණ ඒකකය හා කළුබෝවිල ශික්ෂණ රෝහල විසින් ලබාදෙන ලදි. මෙම වැඩමුළුවේ දී හෙද නිලධාරීන්ගේ සමීක්ෂණ 50 ක් ඉදිරිපත් කර විශිෂ්ඨතාවය අනුව සම්මාන හා සහතිකපත් ප්‍රදානය කිරිම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එදිනම පස්වරුවේ සිදු කරන ලදි.
 

More News..