brand logo

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත නිකුත් කෙරේ

30 May 2021

2022 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් කැඳවා තිබෙන බව අධ්‍යාපන ආමාත්‍යාංශයේ නිල වෙඩ් අඩවියේ සඳහන් කර තිබේ. ඊට අදාළ පත්‍රිකා අධ්‍යාපන ආමාත්‍යාංශයේ නිල වෙඩ් අඩවියේ පළ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. www.moe.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ පත්‍රිකා භාගත කළ හැකිය. ඒ අනුව පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන මව්පියන් හෝ නිත්‍යානුකුල භාරකරුවන් එම අයදුම්පත් සම්පුර්ණ කර ඒවා අදාළ පාසල් ප්‍රධානීන්ට ලබන ජුනි 30 වන දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ යුතු බව අධ්‍යාපන ආමාත්‍යාංශය සඳහන් කරයි. අදාළ පත්‍රිකා භාගත කර ගැනීම සඳහා :- https://bit.ly/3yN2vex    
 

More News..