brand logo

පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ ක්‍රමවේදය ගැටළු සහගතයි

17 January 2020

පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ ක්‍රමවේදය සාධාරණ නොවන බවත් ,විශේෂයෙන් නාගරික හා ග්‍රාමීය ඉඩම් හිමිකම් පිළිබද ඇති ගැටලුත් ඒ සදහා බලපාන බව පළමු වසරට සිසුන් ඇතුලත් කිරීමේ ජාතික උත්සවය මාතලේ, නුගගොල්ල , ධර්ම ප්‍රදීප ප්‍රථමික විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඇතුලත් කිරීමේ ජාතික උත්සවයේදී (14) මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතා පැවසිය. එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වඩා සාධාරණ හා යුක්ති යුක්ත ළමුන් ඇතුලත් කිරීමේ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාවක් ඇති බවත් ගරු ආණ්ඩුකාරතුමන් පෙන්වාදුන් ගැටලුව කෙරෙහි ඉක්මනින්ම අවධානය යොමුකොට අසාධාරණයට ලක් වුවන් වෙත සහනයක් ලබා දීමත්, ජාතික පාසලක් නොමැති අධ්‍යාපන කලාපයකටම ජාතික පාසලක් හදුන්වාදීමත් සිදු කරන බව පැවසිය. තවද පාසල් සිසුන් ලේබල් කරණය නුසුදුසු බවත් සමත් හෝ අසමත් වීම තාවකාලික බවත් ප්‍රකාශ කළේය. වාර්ෂිකව පවත්වනු ලබන දිවයිනේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර පවත්වනු ලැබුවේ මාතලේ විල්ගමුව අධ්‍යාපන කලාපයේ නුගගොල්ල ධර්ම ප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේදීය. එහිදී “හැදෙන හෙට රටට – එකම අපි අකුරට ’’ යන තේමාවෙන් පැවති මෙවර උත්සවය සංවිධානය කල අතර දරුවන් ඇතුළත් කිරීම සංකේතවත් කරමින් නුගගොල්ල ධර්මප්‍රදීප ප්‍රාථමික විද්‍යාලය සදහා දරුවන් දෙදෙනෙකු ඇතුලත් කිරීම අමාත්‍යවරයා අතින් සිදුවිය . අමතරව දරුවන් සදහා පොත් ඇතුළු පාසල් උපකරන ද පිරිනැමිය. මෙහිදී හැදෙන රටට – වැඩෙන ගසක් රැක් රෝපණ වැඩසටහනට සමගාමීව විද්‍යාලයීය භූමියේ නා පැලයක් රෝපණය කිරිමටද එක්වූ අතර අමාත්‍යවරයා අතින් පළමු ශ්‍රේණියට ඇතුළත් කළ දරුවන් සදහා පැල බෙදාදීමද සිදු කෙරෙණි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ ,පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත, අධ්‍යාපන ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද, ඇතුළු පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සභා නියෝජිතවරුන් , ධර්ම ප්‍රදීප විද්‍යාලයේ විදුහල්පති එම්.ජී.ආර්. පොඩි බණ්ඩා යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්විය. ජානක එස්.බණ්ඩාර
 

More News..