brand logo

පළමු වසරට ඇතුළත් කර නොගත් සිසුවියට ලක්ෂ 05ක වන්දි

16 May 2021

ගම්පහ යශෝධරාවේ පළමු වසරට ඇතුළත් කර නොගත් සිසුවියකට වසර දෙකකට ආසන්න කාලයක් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව නොලැබීම හේතුවෙන් සිදුවූ අසාධාරණයට වන්දි ලෙස රුපියල් ලක්ෂ 05ක මුදලක් අගතියට පත් එම සිසුවියට ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කර තිබේ. සිසුවිය පාසලට ඇතුලත් නොකිරීමෙන් එම විදුහල්පතිවරිය , සම්මුඛ පරීක්ෂා සහ අභියාචනා මණ්ඩලය සහ ගම්පහ ප්‍රාදේශීය අධ්‍යපන අධ්‍යක්ෂක විසින් සිසුවියගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි අධිකරණය තීරණය කර ඇත. එසේම අදාළ සිසුවිය එම විදුහලේ පළමු ශ්‍රේණියට ඇතුලත් කිරීමට නියෝග කරනු ලැබ ඇත. අධිකරණය මෙම නියෝගය නිකුත්කරනු ලැබුවේ අගතියට පත් සිසුවිය වන ගම්පහ, අස්ගිරිය පදිංචි සයුරිනි ලිමෙන්සා ප්‍රනාන්දු සිසුවිය සහ සිසුවියගේ පියා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගෙන ඒහි අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
 

More News..