brand logo

පළමු වරට ශිෂ්‍යත්ව අපේක්ෂකයින් සඳහා විභාග ප්‍රවේශ පත්‍රයක්

01 October 2020

ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම් කළ සියලු විභාග අපේක්ෂකයින්ට මෙවර ප්‍රථම වරට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මේ වනවිටත් එම විභාග ප්‍රවේශ පත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙත යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග ප්‍රවේශ පත්‍රයෙහි විභාග අංකය සහ අයැදුම්කරු විභාගයට පෙනී සිටිය යුතු විභාග මධ්‍යස්ථානය සඳහන් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය. එමෙන් ම මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සිට සියලු ම විභාග අපේක්ෂකයින් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අනුමත කරන ලද ජාතික ශිෂ්‍ය අනන්‍යතාව ද දක්වා තිබේ. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 11 වැනි ඉරිදා පැවැත්වීමට නියමිතව ඇත. මධ්‍යස්ථාන 2936 කදී පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට සිසුන් 331,694 දෙනෙකු පෙනී සිටීමට නියමිතය. ඒ අතරින් සිංහල මාධ්‍ය අයැදුම්කරුවන් සංඛ්‍යාව 248,072 ක් වන අතර දෙමළ මාධ්‍ය අයැදුම්කරුවන් සංඛ්‍යාව 83,622 කි.
 

More News..