brand logo

පළමු පෙළ තරගවලදී වැඩිම ලකුණු චන්දිමාල්ට

26 August 2020

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ, එක් ඉනිමක දී ක්‍රීඩකයෙකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කරමින් නව වාර්තාවක් පිහිටුවීමට ක්‍රිකට් ක්‍රීඩක දිනෙෂ් චන්දිමාල් අද (26) සමත්ව තිබේ. පන්දු 391 කදී හතරේ පහර 33 ක් සහ හයේ පහර 9 ක් සමග ලකුණු 354 ක් ඔහු රැස් කළේය. ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නියොජනය කරන චන්දිමාල් සැරසන් කණ්ඩායමට එරෙහිව මෙම මෙම ලකුණු සංඛ්‍යාව ලබා ගත්තේය. ශ්‍රී ලංකාවේදී පැවැති පළමු පෙළ තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගැනීමේ වාර්තාව මහේල ජයවර්ධන සතුවෙයි. වසර 2006 දී දකුණු අප්‍රිකානු පිලට එරෙහිව කොළඹ එස්.එස්.සී. පිටියේදී ලකුණු 374 ක් ලබාගමිනිමින් මහේල ජයවර්ධන එම වාර්තාව පිහිටුවීය.
 

More News..