brand logo

පළමු පාසල් වාරයේ පළමු වන අදියර අදින් අවසන්

19 May 2022

අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අදින් (මැයි 19) අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ හෙට (20) දිනය ද රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බවයි. රට තුළ පවතින ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව, 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු පළමු පාසල් වාරයේ දෙවන අදියර 2022.06.06 වනදා නැවත ආරම්භ කෙරේ.
 

More News..