brand logo

පළමු දිනය නිමාවෙයි - කැන්ගරුවන් කඩුළු 4කට ලකුණු 384ක් රැස්කර ගනී

01 February 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය පළමු දිනය සදහා මීට සුළු වේලාවකට පෙර තරගය නතර කර තිබෙනවා. දිනය නිමා වන විට පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 384ක් රැස්කරගෙන සිටියා. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි Joe Burns ලකුණු 172ක් සහ Kurtis Patterson ලකුණු 25ක් ලබාගෙන සිටියා. ඕස්ට්‍රේලියානු පළමු ඉනිම වෙනුවෙන් Travis Head ලකුණු 161ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු කඩුළු 3ක් දවාගැනීමට සමත් වුණා. ඊට අමතරව චාමික කරුණාරත්න එක් කඩුල්ලක් දවාගත්තා.
 

More News..