brand logo

පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකාව ලකුණු 38යි

17 January 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම සමග පැවැත්වෙන තුන්දින ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය සදහා තරඟය මීට සුළු වේලාවකට පෙර අවසන් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනාගෙන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම හෝබාර්ට් පිටියේ මුලින්ම පන්දුවට පහරදුන්නා. ඒ අනුව ඔවුන් කඩුළු 5ක් දැවී ලකුණු 316ක් ලබාගෙන සිටියදී පන්දුවට පහරදීම සදහා ආරාධනා කළා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම වෙනුවෙන් Kurtis Patterson නොදැවී ලකුණු 157ක් ලබාගැනීමට සමත් වුණා. ඊට අමතරව Jake Doran නොදැවී ලකුණු 102ක් රැස්කර ගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂ්‍මන්ත චමීර කඩුළු 3ක් සහ කසුන් රජිත් කඩුළු දෙකක් දවා ගැනීමට සමත් වුණා. අනතුරුව පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා පිල පළමු දිනය නිමා වන විට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 38ක් රැස්කර ගෙන සිටියා. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි දිමුත් කරුණාරත්න ලකුණු 26ක් සහ ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 12ක් ලබාගෙන සිටියා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 278ක් පසු පසින් සිටිනවා. https://youtu.be/vTnoEzVPJ9g
 

More News..