brand logo

පළමු දිනය අවසන් - ශ්‍රී ලංකා පිල කඩුළු 5ට ලකුණු 205යි

11 December 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය සදහා තරගය මීට සුළු වේලාවකට පෙර අවසන් විය. පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 205ක් රැස්කර ගෙන සිටියේය. දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ධනංජය ද සිල්වා ලකුණු 38ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 11ක් රැස්කර ගෙන සිටියේය. මීට අමතරව නායක දිමුත් කරුණාරත්න ලකුණු 59ක්, ඕෂධ ප්‍රනාන්දු ලකුණු 40ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 31ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේදී නසීම් ෂා කඩුළු 2ක් දවාගැනීමට සමත් විය.
 

More News..