brand logo

පළමු තරඟයේ ජය දකුණු අප්‍රිකාවට

04 March 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත් පළමු එක්දින තරඟය කඩුළු 8කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව මුලින්ම පන්දුවට පහරදීම සදහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කර සිටියා. ඒ අනුව පළමුව පන්දුවට පහරදීම සදහා ජොහැන්නර්ස්බර්ග් හි ද වොන්ඩර්ස් පිටියට පැමිණි ශ්‍රී ලංකා පිල පන්දුවාර 47කදී සියලුදෙනා දැවී ලකුණු 231ක් ලබාත්තා. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 60ක් ලබාගත් අතර, ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 5ක් ද ඇතුළත් වනවා. ඊට අමතව ඕෂධ ප්‍රනාන්දු ලකුණු 49ක් ලබාගත් අතර, ඊට හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් ද ඇතුළත් වනවා. අනතුරුව පන්දුවට පහරදීම සදහා පිටියට පැමිණි දකුණු අප්‍රිකානුවන් පන්දුවාර 38යි පන්දු 5කදී කඩුළු 2ක් දැවී ලකුණු 232ක් ලබාගෙන ජය තහවුරු කළා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඩුප්ලිසිස් නොදැවී ලකුණු 112ක් රැස්කර ගැනීමට සමත් වුණා. ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 15ක් ඇතුළත් වනවා. ක්වන්ටන් ඩි කොක් ලකුණු 81ක් ලබාගත්තා. තරඟයේ වීරයා සම්මානය ලකුණු 112ක් රැස්කර ගත් ඩුප්ලිසිස් හට හිමිවුණා.
 

More News..