brand logo

පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

18 January 2021

ශ්‍රී ලංකාවට එරෙහිව අඛණ්ඩව 5වන ටෙස්ට් තරගයත් ජයග්‍රහණය කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද සමත් විය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුළු 7ක ජයක් ලබාගැනීමත් සමගිනි. 2012 කොළඹ පී.සරවනමුත්තු පිටිය කඩුළු 8ක ජයක් එංගලන්තයට 2018 ගාල්ල ජාත්‍යන්තර පිටිය ලකුණු 211ක ජයක් එංගලන්තයට 2018 මහනුවර පල්ලෙකැලේ පිටිය ලකුණු 57ක ජයක් එංගලන්තයට 2018 කොළඹ එස්.එස්.සී. පිටිය ලකුණු 42ක ජයක් එංගලන්තයට 2021 ගාල්ල ජාත්‍යන්තර පිටිය කඩුළු 7ක ජයක් එංගලන්තයට කණ්ඩායම් දෙක අතර පැවැති පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණ්‍ය කළේය. ආබාධයක් හේතුවෙන් නිත්‍ය නායක දිමුත් කරුණාරත්න වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ දිනේෂ් චන්දිමාල් විසිනි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 135ක් රැස්කර ගත් අතර, එංගලන්ත පිල ලකුණු 421ක් රැස්කර ගැනීමට සමත් විය. එංගලන්ත පිල වෙනුවෙන් ජෝයි රූට් ලකුණු 228ක් ලබාගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිලේ දිල්රුවන් පෙරේරා කඩුළු 4ක් ලබාගත්තේය. අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා පිල දෙවන ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 359ක් පමණි. ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ලකුණු 111ක් ලබා ගනිමින් සිය ක්‍රිකට් දිවියේ දෙවන ශතකය වාර්තා කළේය. ඒ අනුව ලකුණු 74ක අභියෝගය භාර ගනිමින් පිටියට පැමිණි එංගලන්ත පිතිකරුවන් කඩුළු 3ක් දැවී ලකුණු 76ක් ලබාගනිමින් පළමු ටෙස්ට් තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය. තරගයේ වීරයා සම්මානය එංගලන්ත කණ්ඩායමේ ජෝයි රූට් ට හිමිවිය. කණ්ඩායම් දෙක අතර දෙවන සහ අවසන් ටෙස්ට් තරගය ලබන 22 වැනිදා ගාල්ල ජාත්‍යන්තර පිටියේදී පැවැත්වීමට නියමිතයි. මෙම ටෙස්ට් තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් ලෝක ශූරතාවලියට සමගාමීව පැවැත්වේ. ඒ අනුව එංගලන්ත කණ්ඩායම ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ රැදී සිටියි. ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 7වැනි ස්ථානයයි.
 

More News..