brand logo

පළමු එක්දින තරගයේ ජය කොදෙව්වන්ට

11 March 2021

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින තරගය කඩුළු 8කින් ජය ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව සර් විවියන් රිචඩ්ස් පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 49කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 232ක් පමණියි. එහිදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක ලකුණු 55ක්, නායක දිමුත් කරුණාරත්න ලකුණු 52ක් සහ අෂේන් බණ්ඩාර ලකුණු 50ක් රැස්කර ගැනීමට සමත් විය. අනතුරුව පිටියට පැමිණි කොදෙව් පිල පන්දුවාර 47ක් තුළ කඩුළු දෙකක් පමණක් දැවී ලකුණු 236ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය. කොදෙව් පිල වෙනුවෙන් ෂාහි හොපේ ලකුණු 110ක් ලබාගැනීමට කැපී පෙනෙන සිදුවීමක් විය. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුළු දෙකක් දවා ගන්නා ලදී. කොදෙව් පිලේ ෂාහි හොපේ තරගයේ වීරයා බවට පත්විය.
 

More News..