brand logo

පළමු ඉනිමේදී ශ්‍රී ලංකාවට ලකුණු 316ක අභියෝගයක්

17 January 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තුන්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 316ක් ලබාගෙන සිටියදී පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම වෙනුවෙන් Kurtis Patterson නොදැවී ලකුණු 157ක් ලබාගැනීමට සමත් වුණා. ඊට අමතරව Jake Doran නොදැවී ලකුණු 102ක් රැස්කර ගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂ්‍මන්ත චමීර කඩුළු 3ක් සහ කසුන් රජිත් කඩුළු දෙකක් දවා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා පිල මේ වන විට පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටිනවා. https://youtu.be/qnGUgwqnUnY
 

More News..