brand logo

පළතුරු කඩවල සඟවා තිබූ ලක්ෂ 10ක තහනම් භාණ්ඩ

14 January 2022

කොල්ලුපිටිය පොදු වෙළෙඳ සංකීර්ණයේ සිදුකළ වැටලීම අද (14) දින කොල්ලුපිටිය නාගරික පොදු වෙළෙඳ සංකීර්ණයේ දී වැටලීමක් සිදුකළ අතර නීතිවිරෝධී ලෙස තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කළ දුම්වැටි 12,000ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළාකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැටලීම සිදුකර තිබුණේ බස්නාහිර පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි. වැටලීමේදී කොල්ලුපිටිය නාගරික පොදු වෙළෙඳ සංකීර්ණයේ සියලුම වෙළෙඳසැල් පරීක්ෂාවෙන් පසු අංක 05, 16 සහ17 යන පලතුරු කඩ තුළ තිබී එම භාණ්ඩ සොයාගෙන තිබෙනවා. පලතුරු වෙළෙදාම් කරමින් ඉතා සූක්ෂම ලෙස දීර්ඝ කාලයක සිට මෙලෙස තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරනලද නීතිවිරෝධී දුම්වැටි වෙළෙඳාම් කර ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වුණා. අත්අඩංගුවට ගත් සැකකරුවන් මාළබේ සහ කඩවත යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 57 සහ 54 යන වයස්වල පසුවන්නන්. අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ දළ වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධිකයි.      
 

More News..