brand logo

පහෙන් දෙකක් වත් දිනන්න ඕනේ - මාලිංග එනවා කියලා පොරොන්දු වුණා

12 June 2019

ඉදිරියේදී පැවැත්වෙන තරග පහෙන් දෙකක් හෝ ශ්‍රී ලංකා කණ්ඩායම ගත යුතු බව කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසයි. ඊයේ (11) ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය අවලංගුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිමුත් කියා සිටියේ ඉදිරියේදී ශ්‍රී ලංකාව තරග වදින්නේ හොද කණ්ඩායම් 5ක් සමග බවයි. එහිදී මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් දිමුත් කියා සිටියේ නුවන් ප්‍රදීප්ගේ ආබාධිත තත්ත්වය සුවවීමට සතියක කාලයක් පමණ අවශ්‍ය බවත්, ඔ්ස්ටේ්‍රලියා තරගයට පෙර නුවන්ගේ තත්ත්වය පිළිබද සොයාබැලිය යුතු බවයි. එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ලසිත් මාලිංග නැවත ඕස්ට්‍රේලියානු තරගයට පෙර එංගලන්තයට පැමිණෙන බවට තමන්ට පොරොන්දු වූ බව දිමුත් මාධ්‍ය හමුවේ කියා සිටියේය. https://youtu.be/aBVCcHW27_4?t=681
 

More News..