brand logo

පහර කෑ සිසුවාගේ දෙමාපියන් විදුහල්පතිට පහරදීලා

28 February 2021

      හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුට කිසියම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇත. අදාළ පහරදීම ඊයේ (27) රාත්‍රි 8.30ට පමණ වී ඇති අතර පසුව විදුහල්පතිවරයා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහලට මාරුකර යවා තිබේ. පහර කෑ විදුහල්පතිවරයා තම පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකු විනය කඩ කිරිමක් හේතුවෙන් පාසල තුළ දී දඬුවම් කර ඇති අතර උරණවූ සිසුන් පිරිසක් හා ඔවුන්ගේ දෙමාපියන් විසින් තමාට පහරදුන් බවට විදුහල්පතිවරයා' බගවන්තලාව පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මේ අතර දෙපාර්ශවයේම පැමිණිලි ඉදිරිපත්කර ඇති බව බගවන්තලාව පොලීසිය සඳහන් කරනවා.
 

More News..