brand logo

පහරකෑමෙන් ශ්‍රවණාබාධයට ලක්වූ සිසුවාට ලක්ෂ හයහාමාරක වන්දියක්

12 February 2021

මාතර, පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 15 හැවිරිදි පාසල් සිසුවෙකුට පහරදීමේ චෝදනා ලැබූ ගුරුවරයෙකුට රුපියල් 150,000 මුදලක් වන්දියක් ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ඊට අමතරව මෙම මූලික අයිතීන් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජය විසින් රුපියල් ලක්ෂ 05ක වන්දියක් අදාළ ශිෂ්‍යයාට ගෙවිය යුතු බවටද එම නියෝගයේ වැඩිදුරටත් දක්වා ඇත. ගුරුවරයා විසින් සිසුවාට කළ පහර දීමේ දී සිසුවාගේ ශ්‍රවණ හැකියාව ජීවිත කාලය පුරාම අහිමි වී ඇති බැවින් එය බරපතළ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් බව අධිකරණ තීන්දුවේ දැක්වේ. 2017 වසරේ පෙබරවාරි මස 13වන දා වගඋත්තරකාර ගුරුවරයා මෙම දරුවාගේ මුහුණට පහර දී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ ශ්‍රවණ හැකියාව සම්පූර්ණයෙන්ම අහිමි වී ඇත.
 

More News..