brand logo

පසුගිය වසර තුනේදී දෙමාපිය වරදින් දරුවෝ 21ක් ඝාතනය වෙලා

07 January 2021

ගෙවුණු වසර තුනක කාලයේ පමණක් දෙමාපියන්ගේ බහින් බස්වීම් සහ ආරවුල් හේතුවෙන් කුඩා දරුවන් විසිඑක් දෙනකු ඝාතනය වී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පවසයි. සභාපත්වරයා පවසා සිටියේ මෙම කාලය ඇතුළත දරුවන් විසිඑක් දෙනෙකු දෙමාපියන් විසින් දමාගොස් ඇති බවයි. පසුගිය වසර තුනක කාලයේ මෙම සිදුවීම් වාර්තා වූවත් ගෙවුණු 2020 වසරේ ළමා හිංසනයන් - අපචාරයන් වාර්තා වූයේ පසුගිය වසරවලට වඩා අඩුවෙන් බවද කියා සිටී. මහාචාර්ය මුදිත විදානපතිරණට අනුව මේ අතරින් කැපී පෙනෙන වෙනසක් සිදුවී ඇත්තේ ළමා ශ්‍රමිකත්වය සම්බන්ධ සිදුවීම්වලය. 2019 වසරට වඩා 2020 වසරේදී එම ප්‍රමාණය සියයට දෙකකින් අඩු වී ඇත. අශිකා ජයවීර
 

More News..