brand logo

පසුගිය ලෝක කුසලානයේ සිට 2019 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකාව ලැබූ ජය පරාජයන්

11 March 2019

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ආරම්භවීමට තවත් ඉතිරිව ඇත්තේ මාස දෙකක කාලයක් වේ. ලෝක කුසලානයට ක්‍රීඩා කරන සෑම කණ්ඩායමකට මෙන්ම සෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුටම මෙය ඉතාමත් වැදගත් කුසලානයක් වේ. සෑම කණ්ඩායමක් මෙන්ම ක්‍රීඩකයෙකු ද මේ සදහා හොද සූදානමකින් පසු වනවා. එය හොදින්ම දකින්නට අසන්නට ලැබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලානය සදහා ඇති සූදානම කෙසේ ද ? අවසන් වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත් වූයේ 2015 වසරේදීය. එම තරගාවලියේ සිට මේ දක්වා (අද 11දා) කාලය තුළ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම සහභාගි වූ සමස්ත එක්දින තරඟ සංඛ්‍යාව 82කි. ඉන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගෙන ඇත්තේ තරග 23ක් පමණි. තරග 53ක් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්ව තිබේ. 2015 වසරේදී තරග 11 ක් සදහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 6ක් ජයගෙන, තරග 5ක් පරාජයට පත්ව තිබේ. 2016 වසරේදී තරග 19ක් සහභාගි වී ඇති අතර, ඉන් තරග 6ක් ජයගෙන, තරග 9ක් පරාජයට පත්ව විය. 2017 වසරේදී තරග 29ක් සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වී තිබේ. ඉන් තරග 5ක් පමණක් ජයගත් ශ්‍රී ලංකාව තරග 23ක් පරාජයට පත්ව තිබේ. 2018 වසරේදී තරග 17කට සහභාගි වී ඇති ශ්‍රී ලංකාව තරග 6ක් ජයගෙන, තරග 10ක් පරාජයට පත්විය. මෙම වසරේදී (2019) අද (11) දින දක්වා තරග 6කට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු තරගයක් හෝ ජය ගැනීමට නොහැකි විය. සමස්තයක් වශයෙන් ගත්විට 2015 ලෝක කුසලානයෙන් පසුව ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් තරඟාවලි 20කට සහභාවී තිබේ. ඉන් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරඟාවලි 4ක් පමණි.
 

More News..