brand logo

පසුගිය රජයේ සංස්කෘතිය ගැන අගමැතිගෙන් විමර්ශනයක්

04 December 2019

පසුගිය ආණ්ඩුව සමයේදී සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවති ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලය තවත් විමර්ශනයක් ආරම්භ කොට තිබේ. පසුගිය සමයේදී විජයදාස රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස යටතේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පාලනය වූ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදී එම අමාත්‍යාංශය යටතේ පාලනය වූ මධ්‍යම සංස්කෘතික අරමුදල පමණක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කොට තිබුණි. අමාත්‍යාංශය යටතේ පැවැති ආයතනවල බඳවා ගැනීම්, මූල්‍ය පරිපාලනය, විහාරස්ථානවලට හා වෙනත් ආගමික මධ්‍යස්ථාන, සංවර්ධන කටයුතු සඳහා ලබාදුන් මුදල් පිළිබඳව විමර්ශනයක් සිදුකොට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස උපදෙස් ලැබී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයීය ප්‍රකාශයෙක් පැවසීය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවිධිමත් ක්‍රියාවන් බහුතරයක් සිදුවී ඇත්තේ අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන අමාත්‍ය ධුරය දරමින් සිටියදී හා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත්වූ සජිත් ප්‍රේමදාස සංස්කෘතික කටයුතු අමාත්‍ය ධුරය දරමින් සිටියදී බව අග්‍රාමාත්‍ය කාර්යාලයට සාක්ෂි සහිත තොරතුරු ලැබී ඇති බවද එම නිලධාරියා ප්‍රශෙ කළේය. රංජිත් ගුණවර්ධන
 

More News..