brand logo

පසුගිය රජයේ ණය ගෙවන්නවත් විපක්ෂය ඉඩ දෙන්නෑ - සී බී

21 February 2020

පසුගිය රජයේ සිදු කරන ලද විවිධ වැඩ සඳහා ගෙවීමට ඇති  මිලියන 508 ක ගෙවීම් සිදු කිරීමට පාර්ලිමේන්තුවට ගෙන ආ පනත පරාජය කොට රජය අපහසුතාවයට පත්කිරීමට විපක්ෂ නායක  සජිත් ‌ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂය කටයුතු කිරීමට පියවර ගත්බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා පැවැසීය.

කොත්මලේ නව නගරයේ අද  පැවැති ජනහමුවක් අමතමින් ඒ මහතා එසේ කීය. එහෙදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

අපේ රජය මේ දිනවල ක්‍රියාක්මක වන්නේ පරිපුර්ක ඇස්තමේන්තුවකින්. පසුගිය රජය පොහොරවලට, මාර්ග සංවර්ධනයට හා අනෙකුත් වියදම් සඳහා ගෙවීමට තමයි අපි පාර්ලිමේන්තුවට මෙම පනත ගෙන ආවේ. නමුත් එම පනත විපක්ෂ  නායකවරයා ප්‍රමුඛ විපක්ෂය විසින්  පරාජය කිරීමට සැලැසුම්සහගතව කටයුතු කල බව ඉතාමත් වගකීමෙන් කියනවා. මෙම පනත පරාජය කොට අදහසක් සමාජ ගත කරන්න හැදුවා ආණ්ඩුව  පරාජයට පත්වු බවට.

එක්සක් ජාතික පක්ෂය දන්නේ නැහැ ඔවුන් දෙකට, තුනට කැඩිලා තියෙන බව. කොටසක් අලියා ඉල්ලනවා. කොටසක් හදවත ඉල්ලනවා. තවත් පිරිසක් වෙනත් ලකුණක් ඉල්ලනවා. හැබැයි ඒ අය හදවතින් තරග කරන්න කලින් හදවත දුර්වල වෙලා ඉවරයි. එම හදවතට බයිපාස් සැත්කමක්ද එසේත් නැත්නම් එන්ජියෝග්‍රෑම් එකක්ද කරන්න අවශ්‍ය කියලා මෙම මැතිවරණයේදි මේ රටේ ජනතාව තීරණය කරයි.

පසුගිය රජය ආර්ථික, සමාජීය, දේශපාලන අතින් මේ රටට කරන ලද විනාශය අති විශාලයි. එවැනි රටටක් යලි පෙර පරිදි ගොඩනගන්න අවශ්‍යව  තිබු නිසයි පසුගිය ජනාධිපතිවරණයේදි පක්ෂ, පාට බලන්නේ නැතිව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දුන්නේ. මේ රටේ ජනතාවට  අවශ්‍යව  තිබුනේ ආරක්ෂිත රටක්. ඒ වගේම නිදහස්, නිවහල්  මාතෘ භූමියක්.

පසුගිය රජය අනියම් සේවකයන් විශාල ප්‍රමාණයක් බඳවා ගෙන තිබුණත් ඔවුන් ස්ථීර කිරීමට පියවර ගෙන තිබුනේ නැහැ. දැන් වර්ජන රැල්ලක් ඇති කරගෙන යනවා. ඔවුන් ස්ථීර කිරීමට මුලික කරුණු ටික මෙන්ම  අනපනත් සම්පාදනය කල යුතුයි. එයින් පසුව තමයි එම සේවකයන් ස්ථීර කල හැක්කේ යයි කීය.

හැටන් - චන්දන ජයවීර
 

More News..